ආරියරත්න රණබාහු
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අප ජල කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා ජපානයේ ජාත්‍යන්තර අරමුදලේ ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් වැය කෙරේ.
මෙම ව්‍යාපෘතිය මගින් බත්තරමුල්ල රාජගිරිය ඇතුල්කෝට්ටේ, නුගේගොඩ, දෙල්කඳ, කිඹුලාවල සහ කඩුවෙල යන ප්‍රදේශ ආවරණය කෙරෙන අතර රාජ්‍ය ආයතන 225 ක් හා එම ආයතන වලින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට මේ මගින් සෙත සැලසේ.
ඊට අමතරව දැනට යෝජිත සැහැල්ලු ගුවන් මාර්ගයේ නැවතුම්පොළවල් අටක අප ජලය ද මේ මගින් ආවරණය කෙරේ.
මෙම කරුණු අනාවරණය කෙරුණේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේ දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල කළමනාකරණය ඉතා හොඳ දෙයක්. අපි පොඩි කාලේ වතුර බිව්වේ ලිඳෙන් උල්පත් වලින් ඇල දොළ ගංගා වලින් පීලි වලින්. අද වතුර බොන්නේ සල්ලි දීලා කඩෙන්. අපේ මිනිස්සු ජලය අපවිත්‍ර කරන ඒක වලක්වන්න නීති නොගෙනාවොත් අනාගතයේ විශාල ජල අර්බුධයක් එනවා.