ලබන 7 වැනිදා පැවැත්වෙන කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යය සඳහා සහභාගීවීමට තමිල්නාඩු ධීවරයින් 100කට හෝ සහභාගීවීමට වහා ඉඩ ලබාදිය යුතු බව ඉන්දීය පී.එම්.කේ.පක්ෂය ප්‍රකාශ කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.
අන්තෝනි දේවස්ථානය ලාංකික ජනතාව විසින් ඉදිකළ ද කච්චතිව් දූපත දීර්ඝ කාලයක් තමිල්නාඩු ධීවරයන්ගේ පාලනය යටතේ පැවති බව එම පක්ෂයේ නායක එස්.රාමදෝස් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
සිරිමා බණ්ඩාරනායක රජය සමයේ කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි බව ඉන්දියාව පිළිගත්තේය. එහෙත් තමින්නාඩුවේ දෙමළ දේශපාලනඥයෝ ඉන්දියා මධ්‍යම රජයේ එම පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. කච්චතිව් දූපත ඉන්දියාවට හිමිවිය යුතු බව ඔවුහු කියති.
මාර්තු මාසයේ පැවැත්වෙන උත්සවය පමණක් නොව වෙනත් මාසවල පැවැත්වෙන උත්සව සඳහා ද ඔවුන්ට සහභාගී විය හැකි බව පි.එම්.කේ. පක්ෂයේ නායක එස්.රාමදෝස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ලබ්බට තියපු අත පුහුලට තියන" නායකත්වයක් දමිළ ජනවර්ගයට තියෙන්නේ. මුළු ශ්‍රී ලංකාවටම අයිතිවාසිකම් කියන දමිළයින්ට වසර 2300 කට උඩදීවත් බැරිවුණා මුළු ලංකාවම යටත් කරගන්න. පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය පාලකයින්ට කත්ඇදලත් බැරිවුනා අඩුවශයෙන් උතුර වෙන්කරගන්න. දැන් ඌරාගෙ මාළු ඌරාගේ පිටේම තියලා කපන්න ඉදිරිපත්වී සිටින සිංහල යැයි කියාගන්නා ද්‍රෝහීන්ගේ උදව්වෙන් ත්‍රස්තවාදයෙන් බැරිවුණ දෙය දැන් බන්දේසියේ තබා ලබාගන්න හොර පාරවල් සකස් කරනවා. (නි)