කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අපදාවන් හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට නව නිවෙස් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් හදුනා ගැනීම සදහා රජය සහ සබරගමුව පළාත් සභාව එක්ව වැඩසටහනක් ක‍්‍රියාත්මක කරයි.
ඒ අනුව සබරගමුව ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, විදුලිබල හා පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය යන මහත්වරු සඳුදා (30) කෑගල්ල ගලිගමුව රජයේ වතු සමාගම් සතු ඉඩම් හා පෞද්ගලික ඉඩම් පිලිබදව සොයා බැලීමට කටයුතු කළහ.
ගලිගමුව කඩිගමුව ප‍්‍රදේශයේ එවැනි ඉඩම් රැසක් මෙහිදී අමාත්‍යවරුන් විසින් හදුනාගනු ලැබීය.
පූර්ණ හා අර්ධ හානියට පත් නිවාස ඉදිකිරීම මෙන්ම අනාරක්ෂිත ස්ථානවල පදිංචි පිරිස් සදහා නව නිවාස ඒකක ඉදිකිරීමට යෝජිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd