(දයාරත්න ඇඹෝගම)
පසුගිය මාස් කන්නයේ පැවති දැඩි නියගය හමුවේ කැකිරි වගා කළ ගොවින්ගේ කැකිරි අස්වැන්න සරුසාර වුවද ඒ සඳහා වෙළඳපලේ සාධාරණ මිලක් නොමැති නිසා ගොවීහු අසරණ වී සිටිති.
කැකිරි කිලෝවක් රුපියල් පහකටවත් අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් අස්වැන්න නෙලා ගැනීම අත්හැර දමා තිබේ.
අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කිරිමට නොහැකි වීමෙන් කැකිරාව,මොරගොඩ,අමුණකොලේ, මානන්කට්ටිය, උණාගොල්ලෑව,යකල්ල,හුරුළුවැව වැනි ප්‍රදේශවල මෙසේ කැකිරි වගාව අතහැර දැමීමෙන් ඒවා කුණුවෙමින් පවතී.
අහස් ජලය නොමැතිව වගා ළිං වල ජලය යොදා ගනිමින් වන අලින්ගෙන් ආරක්ෂා කර ගනිමින් මහත් වෙහෙසක් දරා වගා කළ කැකිරි වගාවට වෙළඳපොලේ මිලක් නොමැතිකමින් මෙසේ වගාවන් අත්හැර දැමීමට සිදුවීම ගොවියාට විශාල පාඩුවකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව දේශපාලකයින් පත් කරන්නේ ජනතාවගේ කටයුතු පහසුවෙන් හා සාධාරණව ඉටුකරගැනීමට මිසක් ඒ අයට ලෝවටා යාමට නොවෙයි. මේ ගොවින් දහසක් දුක් විද ගොවිතැන් කරන්නේ ඒ අයට ලෝ වටා තිය රටාවට යන්නවත් නොවෙයි, තම ජීවිතය රැක ගෙන ජිවත් වීමට බව දේශපාලකයෝ අමතක කරන්න එපා. කැකිරි රුපියල් පහටවත් දෙන්න බැරි වුනාට, කොළඹ කැකිරි රුපියල් 50- 100 වෙන්න පුළුවන්. ඇයි රජයට මැදිහත් වෙලා සාධාරණ මිලකට මේවා මිලදී ගෙන රටේ බෙදා හරින්න බැරිද? එදා කල මේවා සම්බන්ධව කටයුතු කිරීමට වෙළද දෙපාර්තමේන්තුවක් තිබුනා. අද ඒවා නැතත් අනේක විද රාජ්‍ය ආයතන තිබුනත්, මහා ජනතාවට කිසිම සරණක් නැහැ. මේ සම්බන්ධව රජය මැදිහත් වියයුතුයි.