උදා ගම්මාන වැඩසටහනේ හයවැනි ගම්මානය වන මඩකලපුව දිස්ත‍්‍රික්කයේ එරාවුර්පත්තු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සවුකඩිහි කාමච්චි ග‍්‍රාමම් ගම්මානයේ නිවාස 25 ක් ජනතා අයිතියට ලබාදීමේ උත්සවය මැයි මස 15 වැනිදා උදේ 10 ට නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වීමට යයි.
අක්කර හතරක ඉදි කැරුණු නිවාස 25 න් නිවසක් සඳහා වෙන්කර ඇති භූමි ප‍්‍රමාණය පර්චස් 15 කි. එම ප‍්‍රදේශයේ ජනතාවට නිවාස ණය ලබාදීම, තෝරාගත් පවුල් නවයකට ඔප්පු පිරිනැමීම, සිමෙන්ති ආධාර ලබාදීම ආදී වැඩසටහන් රැසක්ද මෙදින ක‍්‍රියාත්මක වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd