IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘එජාපයේ ලේකම් විය යුත්තේ සරම අඳින පුද්ගලයකුයි’


(කාංචන කුමාර ආරියදාස)
 
එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොළඹට පැමිණෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට නොව පක්ෂයේ  නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමේ සටනට බව ‍මධ්‍යම  පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා අද (29)  දඹුල්ලේ දී පැවසීය. 


ඒ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.


එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා විය යුත්තේ ටයිකෝට් අඳින පුද්ගලයකු නොව සරම අඳින ලේකම්වරයකු බවද ඔහු කීවේය.


පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී ජනපති කරවීමට පූර්ණ සහයෝගය තම ආසනය ලබාදුන් බවත් එහෙත් බලයට පත්ව වසර තුන හමාරක් ගත වෙද්දීත් ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය නොසළකා හැරි බව ද හෙතෙම සඳහන් කළේය.


කිසිදු රැකියාවක් ලබාදීමට හෝ පොදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පක්ෂයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා තමන් ද පාක්ෂිකයන් ද  දැඩි කලකිරීමෙන් සිටි බව ඔහු සඳහන් කළේය.



අදහස් (7)

‘එජාපයේ ලේකම් විය යුත්තේ සරම අඳින පුද්ගලයකුයි’

ranaweera Monday, 29 October 2018 01:12 PM

මේ කතාව සත්‍යය නමුත් මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කල යුතුය

:       49       14

Shan Monday, 29 October 2018 01:31 PM

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආපහු ලබා ගත යුතු වෙලාවක කියවන්නේ නැතුව ඉන්නවද? නැත්නම් අපහු ඉස්කෝලේ ගිහින් එන්න.

:       82       23

ruwan kotuwelle Monday, 29 October 2018 06:02 PM

සරමෙන් හෝ අඳින ඇඳුමින් මිනිසුන් මැනීම ඉතා පටු දෙයක්. මේ ප්‍රකාශයේ හරයක් නෑ. අදහස විය යුත්තේ ගමේ දුප්පත් මිනිහව අඳුනන සංවේදී පුද්ගලයකුගේ අවශ්‍යතාවය වේ

:       1       42

ajith Monday, 29 October 2018 10:05 PM

ආණ්ඩුවක් පත් වුනාම සුදුසුකම් බලන්නේ නැතුව පාක්ෂිකයන්ට රැකියා දීපු නිසා තමයි රාජ්‍ය සේවය අන්තිමටම පිරිහිලා තියෙන්නේ. පහුගිය දවස් වල රුපවාහිනිය, ඛනිජ තෙල් සංස්ථාවේ සිද්දි ඇතිවුනේ මේ දේවල් නිසා තමයි.

:       0       0

Sumith Monday, 29 October 2018 11:40 PM

වෙනස සැපයි............

:       0       0

kcp ferdinanddo Tuesday, 30 October 2018 03:02 AM

මේ අවස්ථාවේ මොහු මොනවාද කියන්නේ.

:       1       0

Anura Tuesday, 30 October 2018 03:47 AM

ලංකාවේ සමහරක් මිනිස්සු හිතන විදිහ සහ ඒ මිනිස්සුන් ගේ මානසිකත්වයත් එක්ක බැලුවහම මේ කතාවේ අත්තක් තියෙනවා. මොනවා කරන්නද? අධ්‍යාපන සහ අවබෝධ කරගත හැකි මට්ටමේ තරම තමයි......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site