(නිමල කොඩිතුවක්කු)
තමන්ගේ දේශපාලන ප‍්‍රතිවිරුද්ධවාදින් මර්ධනය කිරීම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නීතිය අවනීතිය කරමින් සිටින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කොළඹදී අද(25) පැවැසීය.
ඔවුන් මේ වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා උපයෝගි කරගෙන ඇතැයිද ඔහු එහිදි සදහන් කළේය.
ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මග ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මෙසේද කීය.
‘‘යහපාලනය මුවාවෙන් මේ රජය දිගින් දිගටම නීතියේ ආධිපත්‍යයට හානි පමුනුවමින් සිටිනවා. බි‍්‍රතාන්‍යය පාලනයේ සිටම පැවති නිීතියේ ආධිපත්‍යය මේ රජය විනාශ කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප‍්‍රකාශයට පත්ව තිබෙනවා. 2011 දී ලලිත් කූගන් අතුරුදන් විම සම්බන්දයෙන් සාක්ෂි දෙන්න යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය ඔහුව කැදවලා තියෙනවා.
ගෝටාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත‍්‍ර පිළිබදවත් නඩුවක් ගොනු කරලා තියෙනවා. ගෝටාභය රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදි ඡන්ද හිමිකමක් නැතුව ඡුන්දය පාවිච්චි කළා කියලා මේ නඩුව පවරලා තියෙනවා. 2005 සිද්ධියකට පැමිණිල්ල කරලා තියෙන්නේ මේ වසරේ අගෝස්තු 15 වනදායි. අවුරුදු 14කට පස්සේ තමයි මේ අය අවදිවෙලා තියෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා 11 වැනිදා පොදු පෙරමුණෙන් අපේක්සකයා ලෙස ඉදිරිපත් වුණා. ඉන් දින හතරකට පසුව තමයි මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. මේ ගැන නඩු අහලා තීන්දු දෙන්න අවශ්‍ය තරම් කාළය තිබියදී ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේදීම මේ නඩුව කැදවීමෙන්ම මේ අයගේ අරමුණ පැහැදිලි වෙනවා.
සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනෙක් පොලිස්පතිවරයාට මේ පැමිණිල්ල ඉදිරිපත් කරහම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මේ ගැන විමර්ශන සිදුකරනවා. මේ දේවල් සිද්ධ වෙන්නේ දේශපාලන හස්තයකින් බව ඉතාම පැහැදිලියි.
මේ රජය 2015 ජනවාරි 08 වනදා බලයට පත්වෙලා විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම සදහා මූළ්‍ය අපරාධ විමරෂණ කොට්ඨාසය ස්ථාපිත කළා. මේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇති කිරීමම නීති විරෝධියි. නීති විරෝධීව පිහිටවූ ආයතනයකින් සිදුවන විමර්ශන ඔක්කොම නීති විරෝධීයි. ඒ ගැන තර්කයක් නැහැ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කරන පරීක්ෂණ අනුව කෙලින්ම මහාධිකරණයට අධිචෝදනා ඉදිරිපත් කිරීම තමයි නීතිපතිතුමා කරලා තියෙන්නේ. බැසිල් රාජපක්ෂ මහතාට අධි චෝදනා 6ක් ඉදිරිපත් කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂට ඊටත් වැඩියි. මේ නීති විරෝධී ඒකකය මගින් කරනු ලැබූ පරීකෂන මත තමයි මේ නඩු යන්නේ. මම නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 20ක් සේවය කලා. මේ වගේ එකක් මට ගෙනාවනම් මම වීසි කරලා දානවා.
දැන් විශේෂ මහාධිකරණ මගින් මේ නඩු කටයුතු විභාග කරගෙන යනවා. පළමු නඩුවෙන්ම ගාමිණී සෙනරත් මහතා නිදහස් වුණා. විනිශ්චයකාරයෝ තීරණය කළා කිසිම සාක්ෂියක් නැහැ කියලා. සාක්ෂි නැත්නම් ඒ නීති විරෝධි විභාගය මත අදිචෝදනාව යවපු නීතිපති අස්විය යුතුයි.
දැන් දිල්රුක්ෂිි වික‍්‍රමසිංහ ගැන චෝදනාවක් තියෙනවා. නීතිපතිත් මේකට වගකියන්න ඕන. ගෞරවයක් තියෙනවනම් ඒ තැනැත්තා ඒ තනතුරින් ඉවත්වෙන්න ඕන.
දැන් ගෝටාභය රාජපක්ෂ මහතාගේ නඩුව මැතිවරණ සමයේ ඉදිරිපත් වෙලා තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් ඒ නඩුව කල් දාලා පස්සේ විභාගයට ගනිවී කියලා මම විශ්වාස කරනවා."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ කාලේ කිසිම වරදක් නොකළ නීතිය අකුරටම ක්‍රියාත්මක කරපු අගවිනිසුරුතුමානේ.. අනේ නිකන් යන්න..
ඔබතුමා අතීතයේ කතාකරපු දේවල් ගැන පොඩ්ඩක් හිතල බලන්න. එවිට සේරම නැවත මතක් වෙයි. තමන්ට වාසි වෙනකොට පරණ කියපු දේවල් අමතක කරන්න එපා.අපිට හොඳට මතකයි ඒ කාලේ එක් සම්මන්ත්‍රණයක රාජපක්ෂලා ගැන කියපුවා.....
නීතියට ප්‍රජාතන්ත්‍ර කොමියුනිස්ට් වගේ වාද බලපාන්නේ නැති බව හොඳින්ම දැන ගෙන කොහෙද මේ කතා කරන්නේ?බලය තියෙන විට එකතු වෙලා අවනීති කළ අය හැමෝම අපට හොඳට මතකයි. අකුණු ගසන දවස්වලට වැඩිය එලිය පහළියට යන්න එපා බලාගෙන.....
දීකිරට බළලුන් සාක්කිලු...
හොඳ නීතියක්...
ඉස්සර දවසක රජගෙදර සහ හිරගෙදර ගැන කියමින් ජනතාවගෙන් සමාව ගත්තේ නීතිය මොනවා කෙරුවටද දන්නේ නැහැ. එජාපය සම්පූර්ණ අවනීතිය කරන්නේ.... ඒක බැහැර කරන්නේ නැහැ. නමුත් මෙතුමාට සදාචාරාත්මක අයිතියක් නැහැ... නීතිය ගැන කතාකරන්න. මොකද විනිශ්චයාසනයේ ඉඳගෙනමයි මේ තැනැත්තා නීතිය අළුදූවිලි කෙරුවේ...
ඔබතුමා 2005 සුනාමි වංචා නඩු තීන්දුව දුන්නේ නීතියටද? අවනීතියටද? ප්‍රසිද්ධියේ පිළිගත්තා නේද? ඒ තීන්දුව ගැන පසුතැවිලි වෙනවා කියලා. රෑට දියවන්නාව පැත්තේ යන්න එපා පරසතු මල් නෙලන්න...
"එතුමා අද ඔතන ඉන්නේ මම නිසා. එදා වරදක් කරලා හෝ ඒ මනුස්සයා හිරේ දැම්මා නම් මේ රට විශාල අගාධයකින් බේරාගන්න තිබුණා. ඒ නිසා මුළු රටෙන්ම මම ඉල්ලනවා සමාවෙන්න මට... සමා වෙන්න මට..." දැන් මතක නැද්ද අපේ මහත්තයෝ?
පාර්ලිමේන්තුව පැත්තේ පාරක ලඳු කැලෑවක අස්සේ නීතීය, අවනීතිය කරපුවට මොකද වෙන්නේ?
එතකොට හෙල්පින් හම්බන්තොට නඩුවෙදී මෙයා දීපු තීන්දුව වැරදියි කියලා ජාතියෙන් සමාව ඉල්ලුවේ කවුද? ඒ නීතිය කරපු හැටිද?
නීතීය අවනීතිය කලේ ඔබ තුමාම නේද?
ප්‍රජාතන්ත්‍රවාදය හෝ නීතිය පිළිබඳව හෝ කතාකිරීමට සදාචාරයක් නැහැ. රාපක්ෂවරුන්ට ලැජ්ජාවක් නැහැ කියලා ඔප්පු වෙනවා. ගියපාර මහින්දව පරද්දන්න උපරිම දායක වුණා...
රටේ නීතිය වනසපු කෙනෙක් තමයි මේ... පක්ෂ මාරු කළාම මන්ත්‍රීකම නැතිකරන්න බැරි කරපු, තරහා කාරයින්ට කරදර කරපු, දියවන්නාව අසල අශීලාචාරව හැසිරුණු, සුනාමි කේස් එකේදී වැරදි නිගමනයන්ට ඇවිත් පස්සේ ජාතියෙන් සමාව ඉල්ලපු කෙනා කවුද..?
අනේ සර් පහුගිය කාලේ සර් මනේ නීතිය අවනීතිය කරලා මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලුවේ...
ඔබතුමාට කියන්න ඕනේ සීඝ්‍රගාමී කෝච්චිය එන වෙලාවල්...
මෙච්චර කාලයක් කොහෙද හිටියේ?
නැතිව නැතිව, දැන් ඔය කියන්නේ මාදිවෙල කැලේ අයිනේ දියවන්නාවේ කාර් එක නවත්තගෙනද? අනේද කියන්නේ.. , තමන්ගේ කෙරුවාව කාටවත් ඇහෙන්න කියන්නෙපා...
නීතිය, අවනීතිය කලේ කවුද කියන කාරණය ජනතාවට අලුතෙන් කියලා දෙන්න අවශ්‍ය නෑ. මිනීමැරුම් චෝදනා, දූෂණ, වංචා චෝදනා තියෙන මාෆියා කාරයන් රටේ නායකත්වයට ගේන්න පාර කැපුවේ කව්ද? එදා හෙල්පින් හම්බන්තොට නඩුව තාක්ෂණික දෝෂ සහිතයි කියලා ඉවත් කරපු එක ගැන තමන්ම කරපු පාපෝච්චාරණය ආයෙත් ඇහුවා නම් තේරෙයි කියවන්නේ විකාරෙන් කියලා. යන්න මහත්තයෝ වැඩක් බලාගෙන...
කටින්ද දන්නේ නෑ කතා කරන්නේ?
ඒ කට්ටියත් කීවාද වැරදි තීන්දුවක් දුන්නාට මට සමා වෙන්න කියලා?
මේ ලොක්ක, තමුන්නාන්සේ නීතිය හරියට කළා නම් එදා ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තේ මොනව කලාටද?