IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එංගලන්තයේත් වෙසක් තොරණක්

එංගලන්තයේ ලිවර්පුල් නඟරයේ ශ්‍රී සම්බුද්ධවිහාරස්ථානය මෙවර වෙසක් පුන් පොහොය වෙනුවෙන් සංවිධානය කර තිබු වැඩසටහන් අතර අලංකාර වෙසක් තොරණක්ද ඇතුළත්ව තිබුණි. විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වෙසක් පිංකම සංවිධානය කර ඇත.

විහාරස්ථ දායක සභාවේ පුර්ණ අනුග්‍රාහකත්වයෙන් නිර්මායකර තිබු වෙසක් තොරණ සඳහා මෙවර යොදාගෙන ඇත්තේ බෝධිරාජ කුමාර ජාතකයයි. 

ලන්ඩන් නුවර සිට කිලෝමීටර් 400 ක් පමණ උතුරෙන් පිහිටි ලිවර්පුල් නඟරය ලොව ප්‍රකටව ඇත්තේ "බීටල්ස්" සංගීත කණ්ඩායම නිසාය. බ්‍රිතාන්‍ය ආර්ථිකයේ වැදගත් ස්ථානයක් දරන ජාත්‍යන්තර වරායක්ද ලිවර්පුල්හි ඇත. මෙනිසාම එම නඟරය ලෝකයේ විවිධ රටවලින් රැකියා සඳහා පැමිණි ජනයා පදිංචිව ඉන්නා බහුජාතික නඟරයක් බවට පත්වී ඇත. 

මෙම නඟරයේ විවිධ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයින්ද විශාල පිරිසක් ජීවත්වෙති. ඔවුන්ගෙන් වැඩිදෙනා බෞධයෝද වෙති. ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ගේ ආගමික අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසා විහාරස්ථානයක් නොමැතිවීමේ අඩුපාඩුව වටහාගත් බර්මින්හැම් ජේතවන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤනිකායේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන් විසින් 2014 ජුලි 12 වනදා ලිවර්පුල් නඟරයේ ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානය ආරම්භ කරනු ලැබිය.

1 2 3 4 5 6 7 8

 



අදහස් (0)

එංගලන්තයේත් වෙසක් තොරණක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31179 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site