මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ මහමෙව්නා භාවනා අසපු සියල්ලගේම මෙවර වෙසක් පුන් පොහෝදින පැවැත්වුණ පින්කම් මාලාවන් සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගිවී ඇත.
දැනට බැසිල්ඩන්. ස්ටැන්මෝර්,අක්ස්බ්රිජ්, සරේ, වොරින්ටන් සහ ඩබ්ලින් යන නඟරවල මහමෙව්නා අසපු ශාඛා 6 ක් පිහිටුවා ඇත.
බුද්ධ වර්ෂ 2560 වන වෙසක් පුන් පොහෝ දින උදෑසන 7 සිට රාත්‍රී 8 දක්වා මේ අසපු ශාඛා මඟින් සංවිධානය කෙරුණු විශේෂ පින්කම් වලදී කිරිපිඩු පුජා, බුද්ධ පුජා, ධර්ම දේශනා ධර්ම සාකච්චා, භාවනා, පිරිත් සජ්ජායනා, ස්වර්ණමාලි චෛත්‍ය වන්දනා, සත් බුදු වන්දනා ආදී වැඩසටහන් පැවැත්විණි. මේඅතර දරුවන් සඳහා විසේෂිත වැඩසටහන්ද සංවිධානය කර තිබුණි. වැඩිහිටියන් සහ දරුවන් පිරිසක් එදින අටසිල් සමාදන්වුහ. අයර්ලන්ත අසපුවේදී සර්වඥ ධාතූන්වහන්සේලා සියැසින්ම දැකබලා වන්දනා කරගැනීමේ දුර්ලභ අවස්ථාවක්ද සංවිධානය කර තිබුණි.
වෙසක් සතියේදී මහමෙවුනා අසපු සියල්ලම වෙසක් කුඩු සහ විදුලි ආලෝකය යෝදා අලංකාර අයුරින් සරසා තිබුණි.
පින්කම් මෙහෙයවන ලද්දේ අසපුවසි ස්වාමින් වහන්සේ විසිනි.
2025 නොවැම්බර් මස 04
617
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2306
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1716
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එංගලන්තයේ මහමෙව්නා වෙසක් පින්කම්වලට ජන ගඟක