(බදුල්ලේ පාලිත ආරියවංශ)
ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් 200 ක් සහභාගි වූ පාරිසරික වැඩසටහනක් ඇල්ල -ආරුක්කු පාලම, පුංචි ශ්‍රී පාදය, රාවණා ඇල්ල සහ බදුල්ල නගරය හා දුන්හිඳඇල්ල ආශ්‍රිතව අද (18) දිනය පුරා පැවැත්විණි.
‘‘නිරුදකයට දිය පොදක්‘‘ නම්වූ මෙම වැඩසටහන මහා ශිෂ්‍ය සංගමය විසින් දියත් කළ අතර සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙන මෙම ස්ථානවල දමා තිබූ කැලිකසල හා හිස් ජලබෝතල් එකතුකර ඉවත් කිරීම හා ඝන අපද්‍රව්‍ය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදුවිය.
මේ සඳහා ඇල්ල ප්‍රාදේශීය සභාවේ සහයෝගයද ලැබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd