(පාලිත ආරියවංශ)
ඌව -වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකුට මානසික පීඩාවට පත්වන අයුරින් නවකවදය දී පහර දී තුවාල සිදුකළැයි චෝදනා ලැබූ එම විදුහලේම තෙවැනි වසරේ සිසුන් 10 දෙනා ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (13) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
1998 නවක වද පනත යටතේ නඩු පවරන බව පොලිසිය මුලදී අධිකරණයට දැනුම් දුන් නමුත් එම පනතේ දෙකේ වගන්තිය යටතේ මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.
මේ තත්වය මත ඇප දීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට ඇති බලය සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත සැකකරුවන් 10 දෙනාම මුදා හැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් එලිය ඇවිත් ආයෙත් පරණ පුරුද්දට අනිත් අයට වද දීම පටන් ගනී.