IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඌව පළාත් සභාව අදින් අවසන්

(පාලිත ආරියවංශ)

ඌව පළාතේ 6 වැනි පළාත් සභාවේ නිල කාලය අද (8)  මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වෙයි.

ඉකුත් වසර 5 ක  පළාත් සභා කාලය තුළ ආණ්ඩුකාරවරු 5 දෙනෙක් හා ප්‍රධාන අමාත්‍යවරු ‍තිදෙනෙක් යටතේ මෙම පළාත් සභාව ක්‍රියාත්මක විය.

දෙමුහුන්  පාලනයක් ඇති පළාත් සභාවක් ලෙසද ඇමැති මණ්ඩලයක් නැතිව මාසයයි දින හතක කාලයක්  මහ ඇමැතිවරයා  පමණක්  සිටි පළාත් සභාවක් ලෙසද එම කාලයෙන් පසු ඇමතිවරු තිදෙනෙක් පත් කළද එක් ඇමැතිවරයකුගේ අඩුවක් ඇතිව කලක් පවත්වාගෙන ගිය පළාත් සභවක්  ලෙසද කලක් විපක්ෂනායකයෙක් නැතිව ක්‍රියාත්මක  වූ පළාත් සභාවක් ලෙසද මෙය ඉතිහාසයට එක්වී තිබේ.  

දිවයිනේ අනෙක් පළාත් සභා සියල්ල මීට පෙර විසුරුවා හරින ලද නමුත් ඌව පළාත් සභාව පමණක්  අද (8) දක්වා ක්‍රියාත්මක විය.

ඉකුත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල  අනුව මන්ත්‍රී  ධූර 34 න් ප්‍රසාද මන්ත්‍රී ධූර 2ක් සමඟ මන්ත්‍රී ධූර 19 ක් සන්ධානයට හිමිවිය. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 13 ක්ද  ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධූර 2ක් ද හිමිවිය.

ශෂින්ද්‍ර රාජපක්ෂ , හරින් ප්‍රනාන්දු  යන මහත්වරුන්ගෙන් පසු 6 වන ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා වූ  චාමර සම්පත් දසනායක මහතා වසර 4 ක කාලයක් එම ධුරයේ කටයුතු කළේය .



අදහස් (2)

ඌව පළාත් සභාව අදින් අවසන්

රවින් Tuesday, 08 October 2019 08:26 AM

දෙවියන් ගුරුවරුන්ගේ මුණ බැලුවා කාලෙකට පස්සේ...........

:       0       1

විජය Tuesday, 08 October 2019 08:44 AM

පොත්පත් එහෙම ගානට බැලන්ස් කරල ඇති............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site