IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඌවේ පාසල් ආරම්භයට පෙර සෝදිසි කිරීමේ වැඩපිළිවෙළක්

(විජේරත්න රත්නායක)

ඌව පළාතේ සියළු පාසල්වල ආරම්භයට පෙර සෝදිසි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතැයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.පී.රත්නායක මහතා පැවැසීය.

මේ දිනවල ඒ ඒ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් එක්වී පාසල් පරීක්ෂාවක් සිදුකර පාසල් යළි ආරම්භ කිරීම සඳහා සූදානම් කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති අතර පාසල් යළි ආරම්භ කිරීමේදී සෑම සතියකම ඉරිදා සහ සඳුදා උදෑසන අනධ්‍යයන කාර්ය මණ්ඩල හා දෙමාපියන්ගේද සහභාගීත්වයෙන් පාසල් පරිශ්‍රය පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමටත් ඒ සඳහා පොලිසියේ සහාය ලබාගැනීමටත් උපදෙස් ලබාදී ඇතැයි ද ඒ මහතා පැවසීය.

එසේම ඉකුත් යුද සමයේ ක්‍රියාත්මක වූ පාසල් ආරක්ෂක කමිටු යළි සක්‍රිය කිරීමටත් පාසල්වල ප්‍රධාන ගේට්ටුව හැර සෙසු සියළු පිවිසුම් වසා පාසල් භූමියට පිටස්තර වාහන ඇතුළුවීම නතර කිරීමට හා පාසල්වල කාර්යයන් හැර සෙසු සියළු අමතර උත්සව රැස්වීම් ආදිය සඳහා පාසල්වල ඉඩ ලබාදීම නතර කිරීමටත් තීරණය කර ඇත.

ආරක්ෂාව සම්බන්ධයෙන් ළමුන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ළමුන් දැනුවත් කිරීමටද පියවර ගන්නා බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මේ කරුණු හෙළිකළේ ඌව පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැති පළාත් ආරක්ෂක කමිටු රැස්වීමේදීය.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු මහජන නියෝජිතයින්, ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ඌවේ පාසල් ආරම්භයට පෙර සෝදිසි කිරීමේ වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site