(නිශාන්ත කුමාර)
පසුගියදා පැවැති ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, මීගහකිවුල සොරණාතොට හා හාලිඇල ප්‍රාදේශිය සභාවන් සදහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු අද (23) පස්වරුවේ ඌව පළාත් විපක්ෂ නායක ර.මු රත්නායක හා ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මෙම උත්සවය ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී හාලිඇල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 12 ක්, කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 05 ක්, මීගහකිවුල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 05 ක් හා සොරණාතොට මීගහකිවුල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 04 ක් දිවුරුම් දුන්හ.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් සෙසු ප්‍රාදේශිය සභාවන්හි දිවුරුම් දීම ඉදිරි දින කීපයේදී සිදුකිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd