(විජේරත්න රත්නායක )
උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් පවරන ලද නඩුව අද (30) ඌව පළාත්බද මහාධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතය.
මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා ඉදිරියේ ඌව පළාත්බද මහාධිකරණයේදී මීට පෙර අට වතාවක් විභාගයට ගෙන තිබේ.
එම නඩුව නවවන වරටත් අද විභාග කෙරෙන අතර ඉකුත් නඩු දින අවසානයේ ප්‍රකාශයන් අනුව අද දින මෙම නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම නඩුවේ ප්‍රධාන පැමිණිළිකරු වන උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවූ නිවාස, දේපළ හා වගා හානි තුළින් අගතියට පත් ජනතාවට ප්‍රමාණවත් ලෙස හා කාර්යක්ෂම ලෙස අවශ්‍ය සහන ලබානොදීම පිළිබඳව විරෝධය පළකරමින් එම ජනතාවට කඩිනමින් හා සාධාරණ ලෙස සහන ලබාදෙන ලෙස ඉල්ලා මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ, උමාඔය සහන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ යන අය වග උත්තරකරුවන් කරමින් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරි, එහි සම සභාපති එච්.ඒ.බෝධිපාල යන පිරිස විසින් ඌව පළාත්බද මහාධිකරණයේ අදාළ නඩුව පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උමාඔය ව්‍යාපෘතියට එරෙහි නඩුව අද