(ඞී.කේ.රත්න)
උමාඔය ව්‍යාපෘතියෙන් සිදුවන ආපදා තත්වයන් අවම කර ගැනිම සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආයතන පහක එකමුතුවෙන් නව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ඌව ප‍්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයේ දී අද (01) ආරම්භ කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය . ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය . භූ විද්‍යා හා පතල් කැණීම් කර්යංශය .ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශණ කාර්යංශය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශය එක්ව මෙම කටයුත්ත සිදු කරයි.
මේ අවස්ථාව සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජේ.එල්.එස්. සේනාධීර මහතා, බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතලූ නිළධරීහු රැසක්ද සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඌව වෙල්ලස්ස ජනතාවගේ පොදු ජන ජීවිතය අර්බුදයට ලක්කර අවසානය දැන් අාපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම විසදුමක් කියල එකඟ වෙන්න බැහැ... මෙම ව්‍යාපාතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවිය හැකි ආපදා වලට එරෙහිව ජන හඬට අවධානය යොමු කරානම් මෙම ව්‍යසනය අවම කර ගැනීමට හැකියාව තිබුණි... තුවාලයක් උග්‍ර වීමට ප්‍රථම ප්‍රතිකාර කිරීම කළ යුතුය එසේ නැතිනම් පසුව ප්‍රතිකාර කිරීම එතරම් ප්‍රතිඵලදායි නොවේ. පසු ගිය ආණ්ඩුව කල විනාශය තව දුරටත් පවතින ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑමට ඉඩ දීම විශාල වරදකි. එම නිසා මෙම ව්‍යාපෘතියට ආණ්ඩු දෙකම වගකිව යුතුය. කෙසේ නමුත් උමා ඔය ගැටලුවට විසදුම් ලබාදීට පත්කරන සෑම කමිටුවක් සඳහා මෙන්ම සෑම පරික්ෂණයක් සඳහාම වැය වෙන්නේ මේ රටේ වැඩකරන ජනතාවගේ් බදු මුදල් බවනම් පැහැදිළියි