IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


උන්හිටි තැන් අහිමි කළැයි සංවර්ධන නිලධාරින්ගෙන් චෝදනාවක්

(බිඟුන් මේනක ගමගේ)

දකුණු පළාත් සභාවට අයත් පාසල්වල "සිසු තරණ" නමැති අධ්‍යාපන ව්‍යාපෘතියෙහි නිරතව සිටි සංවර්ධන නිලධාරින් ආණ්ඩු මාරුවත් සමඟ ඉන් ඉවත් කර කාර්යභාරයක් නොමැති තත්ත්වයට පත් කර ඇතැයි වාර්තාවේ.

ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අයත් පළාත් සභා පාසල් වල අ.පො.ස සා.පෙළ සිසුන්ට ප්‍රතිපෝෂණ වැඩසටහන් දියත් කිරීම යටතේ සංවර්ධන නිලධාරීන් 198 දෙනෙක් මෙම ව්‍යාපෘතියෙහි නිරතව සිට ඇත.

දකුණු පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමති චන්දිමා රාසපුත්‍ර මහතා ගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇති අතර අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමෙන් අනතුරුව තමන්ට ගුරු පත්වීම් ලබාදෙන බවට අධ්‍යාපන ඇමතිවරයා පොරොන්දු වී යැයි ඔවුහු පවසති.

එහෙත් 2020 වසරේ ආරම්භය සමග නිශ්චිත රාජකාරියක් නො පවරමින් තමන් කලාප අධ්‍යාපන කාර්යාලවලට යොමු කළ බවටත් ඇතැමුන්ට කළමනාකරණ සහකාර වරුන්ගේ වැඩ කටයුතු වලට සහාය දීමට සිදු ව ඇති බවටත් ඔවුහු චෝදනා කරති.

දැනට පළාත් සභාව විසුරුවා ඇති බැවින් තමන්ට සිදුවූ අකටයුත වූ අකටයුත්ත ගැන පැමිණිලි කිරීමට ද බලධාරියකු නොමැති යැයි ද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ආන්ඩුකාරවරයා දැනුවත් කරන්නේ යැයි ද එම සංවර්ධ නිලධාරී හු පවසති.

 



අදහස් (0)

උන්හිටි තැන් අහිමි කළැයි සංවර්ධන නිලධාරින්ගෙන් චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site