(ඩබ්. ඒ. පියතිලක)
වියළි කාලගුණ තත්වය හමුවේ වැලිකන්ද, දිඹුලාගල සහ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 3368 ක, පුද්ගලයින් 10601ක්, පාසල් 5ක දරුවන් 1088ක් පානීය ජල හිඟයකට මුහුණ දී ඇති බව පොළොන්නරුව සහකාර ආපදා කළමණාකර අධ්‍යක්ෂක උපුල් නානායක්කාර මහතා පවසයි.
උතුරුමැද පළාතට පවතින වියළි කාලගුණ තත්තවය හේතුවෙන් මේවනවිට බවුසර් මගින් ජලය බෙදා දීමේ කටයුතු ක්‍රියාත්මක වන බවද ඒ මහතා කියයි.
ඒ මහතා මෙසේද පැවසීය.
“වැලිකන්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවක වසම් 8ක පවුල් 2374ක්, පුද්ගලයින් 7791කු සහ පාසල් 04ක සිසුන් 928 දෙනෙකු පානීය ජල හිඟයට පත් වෙලා. අපි දිනකට බවුසර් දෙකක් යොදා ගෙන ඒ ජනතාව වෙනුවෙන් පානීය ජල ලීටර් 16,000ක් බෙදා හරිනවා.
දිඹුලාගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 919ක් ද පුද්ගලයින් 2510 දෙනෙකු සහ පාසලක ළමුන් 160 දෙනෙකු ආපදාවට ලක්ව තියෙනවා. ඒ අය සඳහාත් බවුසර් තුනක් යොදාගෙන දිනකට පානීය ජල ලීටර් 46,000ක් බෙදා දෙනවා.
ලංකාපුර එක් ග්‍රාමසේවක කොටසක පවුල් 75ක පුද්ගලයින් 300කටත් ජලය ලබා දෙනවා.
මෙම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ තුළ පානීය ජල ටැංකි 23ක් ස්ථානගත කර හිඟයකින් තොරව පානීය ජලය ලබා දෙනවා. දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා පානීය ජලය ලබා දීමට ආපදා කළමණාකරණ ඒකකය විසින් රුපියල් 584,974ක් ලබා දී තිබෙනවා.”
දිස්ත්‍රික්කය තුළ පානීය ජල හිඟයක් ඇත්නම් වහාම ග්‍රාම නිලධාරියා වෙත දැනුම් දෙන ලෙස පොළොන්නරුව සහකාර ආපදා කළමණාකර අධ්‍යක්ෂක උපුල් නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
උතුරුමැද පවුල් 3368කට පානීය ජල ගැටලු
sunil perera Monday, 10 June 2019 11:04 AM
මහමාර්ග රට පුරා පිහිටුවා ඇති ලෙසටම නලජල පද්ධතියකින් දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන ලෙසට නිර්මාණයකර දිගුකාලින සැලැස්මකට අනුවක්‍රියාත්මක කලයුතුයි . සුර්ය බලය යොදමින්පොම්පාගාර පිහිටුවමින් අධිවේගී මාර්ග තනනවිටම ඒ හා සම්බන්ධ වැඩකටයුතු සිදුවන්නේනම් වැයපස අවමවෙයි. මැ ද කදුකර රටක් නිසා සතර අතට ජලවහනය පහසුවෙයි එසේ නොමැතිව මේ කරන දේ අනාගත ජනගහන ඝණත්වයට කිසි සෙත් ඔරොත්තු නොදේ. උතුරු ඇල මාර්ග කඩිනම් කරමින් ඒ හා සම්බන්ධ ජාල සැපයුම් ප්‍රයෝජනයට ගැනීමද තවත් හැකියාවකි.