(දයාරත්න ඇඹෝගම)
උතුරුමැද පළාත් වාරිමාර්ග, ඉඩම් හා නිවාස, ග්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් පළාතේ අඩු ආදායම්ලාභීන් සඳහා ස්වයං රැකියා උපකරණ, නිවාස සඳහා මූල්‍ය සහ ද්‍රව්‍යමය ආධාර බෙදාදීම අද (17) පළාත් ආණ්ඩුකාර ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සමූපකාර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
ස්වයං රැකියා නියුක්තිකයන් සඳහා රු. 38000/- ක වටිනාකමින් යුත් මහන මැෂින් ද, අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිලාභීන් 150 කට රු. 20,000/- බැගින් නිවාස මූල්‍යාධාර ද, පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිලාභීන් 174 දෙනෙකු හා තවත් ප්‍රතිලාභීන් 326 දෙනෙකු සඳහා ආධාර ද බෙදා දුන්හ.
මෙයට අමතරව ප්‍රතිලාභීන් 625 දෙනෙකු සඳහා සිමෙන්ති කොට්ට 8 බැගින් සිමෙන්ති කොට්ට 5000 ක් ද බෙදා දුන්හ.
ඉහත සියලු ප්‍රතිලාභීන් තෝරා ගන්නා ලද්දේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නියාමකයන් මගින් වන අතර මෙහි පූර්ණ මුල්‍ය දායකත්වය පළාත් වාරිමාර්ග අමාත්‍යංශය මගින් සපයා දී ඇත.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, පළාත් වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් පී.කේ. ජයලත් මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරුමැද අඩු ආදායම් ලාභීන්ට මුල්‍ය හා ද්‍රව්‍යමය ආධාර
sampath Wednesday, 17 October 2018 10:52 AM
මේවා දෙන්නේ එදා වේල හොයාගන්න බැරි ඉන්න තැනක් නැති අන්ත අසරණ දුප්පතුන්ට නේද? සිමෙන්ති කොට්ට අටෙන් මොනවද මේ මිනිස්සුන්ට කරගන්න පුළුවන්? වැලි, ගල්, බාස් කුලී හොයාගන්න ඒ මනුස්සයා තව අවරුදු ගානක් ඉන්න වෙනවා. ඒක නිසා මේ මිනිස්සු කරන්නේ ඒ සිමෙන්ති ටික විකුණන එක. හරියට ගෙවල් පහක් හදලා දුන්නත් වටිනවා මේ වගේ වැඩ නොකර.