යුද සමයේ අතුරුදන් වූ බව කියන තිදෙනෙක් එල්ටීටීඊයට ආධාර අනුබල දුන්නේයැයි මාලදිවයිනේ වසර පහක සිර දඬුවම් විසිමින් සිටියදී මැක්ස්වෙල් පරණගම කොමිසමේ මැදිහත්වීම මත ලංකාවට ගෙන ආ බව එම කොමිසමේ ආරංචි මාර්ග කියයි.
පුලියංකුලමි හි පදිංචිව සිටි පී රංජිත්, ඔටිටුසුඩාන්හි පදිංචි එමි යෝගරාසා සහ වවිනියාවේ පදිංචි කේ රාමනාදන් යන මේ තිදෙනා ලංකාවට බාර දීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට යවා තිබේ.
යුද සමයේ අතුරුදන් වූවන් සමිබන්දයෙන් විමර්ශන සිදුකරන මැක්සවෙ පරණගම කොමිෂම වෙත මොවුනගේ ඥාතීන් ලබා දුන් සාක්කිවලින් පසු කළ සොයා බැලීමේ දී මේ තිදෙනා සිදඩුවම් විදින බව සොයාගෙන තිබේ.
යුද්ධය පැවති 2005 , 2006 , 2007 යන වසරවලදී මොවුන් මුහුදු මගින් මාලදිවයිනට පළායාමට ගොස් ඇති අතර, මාලදිවයින් පොලීසිය මගින් කොටි සැකකරුවන් වශයෙන් ඔවුන් අත්අඩංගුවට ගැකීමෙන් පසු එරට අධිකරණයකින් වසර 15 බැගින් වූ සිර දඬුවම් නියම කර ඇත.
මේ තිදෙනා සමග විවිධ වැරදිවලට මාලදිවයිනේ දඬුවම් විඳිමින් සිටි තවත් හත් දෙනෙක් පසුගියදා ලංකාවට බාර දෙනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd