උතුරේ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන හා ඊට අයත් දේපොළ විනාශ කිරීම වළක්වාලීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
අතුරුගිරියේ නීතිඥ ඇන්. දර්ශණ වේරදූවගේ මහතා විසින් ගොනු කැරැණු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, උතුරු පලාත් මහා ඇමති සී.වී.විග්නේෂ්වරන් ,නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ,බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ,උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහත්වරු නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේ ද සඳහන්වේ.
පෙත්සම්කරු බෞද්ධ ශාසනය සහ එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්නෙකි.
මාන්කුලමේ බුදු කුටියක් කඩා දැමීමේ පුවතක් පසුගිය අගෝස්තු 31 වැනි දා ඬේලිනිවුස් පුවත්පතේ පළවිය.උතුරු පළාත් සභාව ,එම පලාත් සභාවේ පළාත් සබා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහත්වරුන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්ද උතුරු ප‍්‍රදේශයේ බෞද්ධ සිද්ධස්තාන සහ බුදු පිළිම ඉවත් කිරීම පිළිබඳවත් ,නව බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමට එරෙහිවත් අදහස් දක්වා තිබේ.මේ පිළිබඳව විරෝධය පා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාටත් ලිපි මඟින් දන්වා ඇත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ විධිවිධාන ප‍්‍රකාරව බුද්ධාගමත් ,බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාදායක වගකීමක් වගඋත්තරකරුවන්ට ඇත.එහෙත් මෙම වගකීම වගඋත්තරකරුවන් විසින් පැහැර හැර ඇත.විශේෂයෙන්ම රටෙහි නායකයා වන ජනාධිපතිවරයා විසින්ද මෙම වගකීම පැහැර හැර ඇත.මෙම තත්ත්වය හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පෙත්සම්කරු කියා සිටී.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද ,උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන සහ එම දේපළ ආරක්ෂා කිරීමට නියෝග කර එද දේපළ විනාශ කළ අය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටී.
එසේම තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද බෞද්ධ සහ විහාර දේවාලගම් පනතෙහි 3වැනි ෙඡ්දය සංශෝධනය කර ඓතිහාසික වැදගත්කමක් ඇති පුරාණ විහාර වශයෙන් නාග විහාරය සහ දීඝවාපිය ඇතුළත් කිරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරේ බොදු අයිතිය රකගන්න නීතීඤයෙක් උසාවි යයි
නිමලරත්න Thursday, 20 October 2016 08:09 AM
ඔබ තුමාට දස දහස් වරක් පින්. (ම)