සිතුම් චතුරංග
අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් 1388 අයත් පුද්ගලයින් 4472 දෙනෙකු ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
දින කිහිපයක කාලයක් අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් යාපනය , කිලිනොච්චිය , මුලතිව් , මන්නාරම හා වවුනියාව යන දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව තිබේ.
ජලගැලීම් හේතුවෙන් වැඩිම බලපෑම කිලිනොච්චිය දිස්ත්‍රික්කය වන අතර එහි පවුල් 582 අයත් පුද්ගලයින් 1910 පීඩාවට පත්ව සිටිති.
මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 421 අයත් පුද්ගලයින් 1155 ක් , යාපනය දිස්ත්රිකක්කයේ පවුල් 341 අයත් පුද්ගලයින් 1274 ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 33 කට අයත් පුද්ගලයින් 112 දෙනකු , වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් පහකට අයත් පුද්ගලයින් 21 දෙනෙකු ද පීඩාවට පත්ව ඇති බව පැවසීය.
යාපනය , මුලතිව් , වවුනියාව හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හි නිවාස 90 හානි සිදුවී ඇති අතර 189කට ජලගැලීම් හේතුවෙන් අර්ධ හානි සිදුවී ඇති බවද කීය.
ආපදා කළමනාකරණ නිලධාරීන් පැවසූයේ ජලගැලීම් හේතුවෙන් විපතට පත්වූවන් වෙත ත්‍රිවිධ හමුදාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ සහන සැලසීම ආරම්භ කර ඇති බවයි.
මුලතිව්, කිලිනොච්චිය හා වවුනියාව යන දිස්ත්‍රික්කවල විශාල වශයෙන් නවීකරණය කළ වැව් කැඩීයාම හේතුවෙන් මෙලෙස ජනතාව විශාල පිරිසක් පීඩාවට පත්ව ඇතැයිද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ ජල ගැලීම් වලින් 4472 ක් අවතැන්