ශ්‍රී ලංකාෙව උතුරු, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රිකයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත්  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රීණක්ක වලත්  තැනින් තැන සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.

විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාෙව් නිරිත දිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.
කන්කසන්තුරේ සිට  ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසු වවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.