IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උකුවෙල ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

(මහේෂ් කිර්තිරත්න)
 
උකුවෙල ප්‍රාදේශීය සභාවේ 2021 වසර සදහා වු අයවැය අද(17)දා ඒකමතිකව සභා සම්මත විය.
 
සභාපති(එ.ජ.නි.ස) ඩී.ඩබ්.එම් චේතියරත්න මහතා විසින් අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර මන්ත්‍රී (ශ්‍රි ලං.පො.පෙ) ශනි චන්ද්‍රපාල මහතා ස්ථිර කළේය.
 
සභාපති ඩි.ඩබ්.එම් චේතියරත්න මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර උප සභාපති අබ්දුල් නිසාර් මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබයි.
 
මේ අනුව  2021 වසරට ඉදිරිපත් කළ අයවැය  ආදායම  රුපියල් 93, 688,044 හා 2021 වසරේ වියදම  රුපියල්  93, 687,384 සහ අතිරික්තය  රුපියල් 660.00 වශයෙන් සම්මත විය .
 
ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ,එක්සත් ජනතා නිදහස් සන්ධානය,එක්සත් ජාතික පක්ෂය,ස්වාධින මන්ත්‍රිවරුන් ඇතුලු මන්ත්‍රිවරු 22 දෙනෙක් ඡන්දය ප්‍රකාශකළහ. ඡන්දය විමසන අවස්ථාවේදි  ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු සභාවේ නොසිටි අතර  සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු අයවැයට පක්ෂව  අදහස් ඉදිරිපත් කළහ.



අදහස් (0)

උකුවෙල ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site