IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉහළ ඇලහැර ඇළේ වැඩ අරඹයි

(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජලය රැගෙන යන ඉහළ ඇලහැර ඇළ මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කර ඇති බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා පවසයි.

මොරගහකන්දේ සිට මහකනදරාව දක්වා කිලෝමීටර් 94 ක දිගින් යුතු මෙම ඇළ මාර්ගයේ කිලෝ මීටර් 26ක දිගින් යුතු උමං මාර්ගයක් ද පවතින බව දයානන්ද මහතා කියයි..

මෙම ව්‍යාපෘතිය මගින් මහකනදරාව තෙක් වැව් 1200 ක් පෝෂණය වන අතර මැදිරිගිරිය ප‍්‍රදේශයේ වැව් 31ක් ද, ලග්ගල ප‍්‍රදේශයේ වැව් 13 ක් ද සංවර්ධනය වන බව හෙතෙම ප්‍රකාශ කරයි.

ඉහළ ඇලහැර ව්‍යාපාතිය හේතුවෙන් මැදිරිගිරිය නව සංවර්ධන කලාපයක් ලෙස නම් කර තිබේ.

අලුතින් ගොවි පවුල් 3240ක් පදිංචිකරමින් ඉඩම් හිමකම් ලබාදීම,නාගරික සේවා පහසුකම් වැඩි දියුණු කිරීම ,මැදිරිගිරිය බිසෝපුර කන්තලේ මාර්ගයේ කිලෝ මීටර් 23 ක් සංවර්ධනය කිරීම,අක්කර 100 ක කර්මාන්ත පුරයක් ඇති කිරීම ආදී සංවර්ධන කටයුතු ව්‍යාපෘතිය යටතේ සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (1)

ඉහළ ඇලහැර ඇළේ වැඩ අරඹයි

Matipahana Tuesday, 19 September 2017 05:53 AM

ලංකාවේ ගොවියන්ට නවතම ක්‍රම හදුන්වා දිය යුතුයි. බින්දු-ජල තාක්ෂණයෙන් ජලය අවම ප්‍රමාණයක් භාවිතා කරලා වී වගාව කරන්න පුළුවන්. දැන් සිදු කරන පාරම්පරික ක්‍රමය වන ලියදි ක්‍රමයෙන් ජලය විශාල ලෙස නාස්ති වෙනවා. ගොවීන්ට එවැනි ක්‍රම වලට මාරු වීම සඳහා දිරිගැන්වීම් හා අදාර ලබා දීම අත්‍යවශ්‍යයි. එහෙම කොළොත් පමණයි මේ වගේ දැවැන්ත ව්‍යාපාර වල ප්‍රතිපල හරියටම ලබා ගන්න පුළුවන් වෙන්නේ.

:       0       100

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31436 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13708 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11039 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1050 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site