IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දියාවෙන් දුන් නිවාස ඉල්ලති

(රොමේෂ් මධුෂංඛ)

ඉන්දියාවෙන් තමන්ට වෙන් කළ නිවාස 200  ලබා දෙන ලෙස ඉල්ලා යාපනය නාවට්තුරෙයි පොන්වේලි සහ අංජිසන්ධි ප්‍රදේශවාසීහු පිරිසක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (26) විරෝධතාවක් පැවත්වූහ.

පැවති යුද තත්ත්වය හේතුවෙන් වසර 20 කට පෙර පුත්තලම් දිස්ත්‍රික්කයට ගොස් නැවත පදිංචියට පැමිණි මුස්ලිම් වැසියන් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

අදාළ නිවාස 200න් නිවාස 15ක් පමණක් මේ වන විට එම වැසියන්ට ලබා දෙන බවට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දීම නිසා මෙම විරෝධතාව පවත්වන බව විරෝධතාකරුවෝ පැවසූහ.

ඔවුන්ට දැනුම් දී ඇත්තේ එම වැසියන්ට පුත්තලම් දිස්ත්‍රික්කයේදී නිවාස ඇති හෙයින් නිවාස නොමැති වැසියන්ට පමණක් නිවාස වෙන් කළ බවයි.ඉතිරිය නිවාස නොමැති දෙමළ වැසියන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවත් ඔවුන්ට දන්වා ඇත.

විරෝධාතාවය අවසානයේ විරෝධතාකරුවෝ යාපන දිසාපති නාගලිංගම වේදනායගම් මහතාට සන්දේශයක් බාරදුන් අතර දිසාපතිවරයා එහිදී පැවසුවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් පළාත් සභා නිලධාරීන් සමග සාකච්ඡා කර ඉක්මන් විසඳුමක් ලබා දෙන බවයි.  

 



අදහස් (0)

ඉන්දියාවෙන් දුන් නිවාස ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site