මිට මාසයකට පෙර ඇෆ්ඝනිස්ථානයේදී පැහැරගත් ඉන්දියා සහන සේවිකාව නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජුඩිත් ඩි සූසා (40) නම් එම නිලධාරිනිය ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඇය නැවතී සිටි නිවස අසල මුරපලකදී පැහැරගෙන තිබිණි.කෙසේවෙතත් ඇයව පැහැරගත් පිරිස පිළිබද බලධාරීහු හෙළිදරව් කර නොමැත.එමෙන්ම මුදවාගැනීමේ මෙහෙයුම සමබන්ධයෙන් ද වැඩි යමක් ප්‍රකාශ කර නොමැත. “ජුඩිත් ඩි සූසා අප සමග ආරක්ෂිතව සහ යහපත් තත්වයකින් සිටිනවා”යැයි ඉන්දීය විදේශ ඇමැතිනිය සුස්මා ස්වරාජ් ප්‍රකාශ කළාය. සුසා ඇෆ්ගනිස්ථානයේ ඉන්දියා තානාපති සමග ඉන්දියාවට පැමිණි බව සදහන් වේ.ඇෆ්ඝනිතානය තුල පැහැරගැනීම් බහුලව සිදුවෙන අතර විදේශීය සහන සේවා නිලධාරීහු එහි ප්‍රධාන ඉලක්ක වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd