IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා ධීවර ලෙඩේට විසදුමක්?

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළු වලට  කඩිනම් විසදුම් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමට දෙරට රජයන්  අතර එකඟත්වයක් ඇතිවී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලියේදී ඊයේ (05)  පැවති සාකච්ඡාවලදී එම එකඟතාවයන් ඇතිවූ බව ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ නිවේදනයේ සදහන්වේ.

මෙස ස්ථාපිත කෙරෙන ඉන්දු ශ්‍රී ලංකා - ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම සෑම මාස 3 කට වරක් රැස්වීමට නියමිත අතර, දෙරටේ ධීවර අමාත්‍යවරුන් සෑම මාස හයකට වරක් හමුවීමට දෙරටේ රජයන් එකගතාවයට පැමිණි බව ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

ඒ අනුව මෙම ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ පළමු අමාත්‍ය මට්ටමේ රැස්වීම ලබන  ජනවාරි 2 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡා සඳහා දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම වෙරළාරක්ෂක සහ නාවික හමුදා නියෝජිතයන්ද එක්වනු ඇති.

මීට අමතරව මෙම සාකච්ඡාවේදී ඉන්දීයාව හා ශ්‍රී ලංකාවේ වෙරළ ආරක්ෂක බලකා අතර හදිසි ඇමතුම් ඒකකයක් ස්ථාපිත කිරීමටත් , දෙරටෙහිම අත්අඩංගුවේ පසුවන ධීවරයින් නිදහස් කරලීමටද  එකගත්වය ඇති වී ඇත.

ඊයේ  (05) පැවති සාකච්ඡා සඳහා දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ අමතරව ඉන්දීය රජය නියෝජනය කරමින් එරට කෘෂීකර්ම හා ගොවිජන සුබසාධන අමාත්‍ය රාධා මෝහන් සිං ,එරට මාර්ග ,ප්‍රවාහන , අධිවේගී මාර්ග ,සහ නාවික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් එක්වූ අතර, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු ධීවර නියෝජිත පිරිසක්ද සහභාගිවුහ.

 



අදහස් (0)

ඉන්දියා ධීවර ලෙඩේට විසදුමක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 658 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site