ඉන්දියා සහ ශ්‍රි ලංකා සන්නද්ධ හමුදා අතර උපාය මාර්ගික සාකච්ඡා මාලාවේ දෙවන සැසිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සම ප්‍රධානීත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී පැවැත්විණි.
දෙරට අතර උපායමාර්ගික වශයෙන් වැදගත් වන කරුණු පිළිබද හා වෘත්තීමය වශයෙන් සන්නද්ධ හමුදා දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා 2013 වසරේ දී ආරම්භ කරන ලදී. ඉන්දීය හමුදා දූත පිරිසේ ප්‍රධානී ලෙස එයාර් මාර්ෂල් අජිත් එස් බෝන්ස්ලේ මෙම සැසි වාරයට සහභාගි වු අතර බ්‍රිගේඩියර් එස්එල් ජෝසි, ශ්‍රි ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක කැප්ටන් ප්‍රකාශ් ගෝපාලන්, වින්ග් කමාන්ඩර් ඒඒ කෙල්කාර් සෙසු සමාජිකයින් ලෙස සහභාගි විය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් එමිපී පීරිස්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් එස්එස් රණසිංහ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ, ජාතික බුද්ධි සේවා ප්‍රධානී, අධ්‍යෂක ජෙනරාල් ශ්‍රි ලංකා වෙරළ ආරෂක රියර් අද්මිරාල් ජීඩීඒඑස් විමලතුංග ඇතුළු ආරක්ෂක හාවිදේශ කටයුතු අමාත්‍යශයන්හි නියෝජිතයෝ සහභාගි වූහ.
දෙරට අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අමතරව ඉන්දියන් සාගරය තුළ උපායමාර්ගික වැදගත්කම සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බලපානු ලබන නව ආරක්ෂක තර්ජන වනත්‍රස්තවාදය හා අන්තවාදය පිළිබදවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කැරිණි.
2025 නොවැම්බර් මස 04
634
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දු - ලංකා හමුදා සාකච්ඡා