හෙට වන විට වැසි ඇති වීමේ හැකියාව කෙමෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වුවත් උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලට සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තැනින් තැන මඳ වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලට සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියා ඇතැයි සඳහන් කරයි.
‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘‘.
‘‘ත්‍රීකුණාමලය සිට පොතුවිල් සහ ගාල්ල හරහා කොළඹ දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.
2015 මාර්තු මස 14 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd