(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
ඉංගිරිය රයිගම් වත්තේදී යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අනතුරට ලක්කර යතුරුපැදියෙන් පලා ගිය පොලිස් කොස්තාපල්වරයකු අද (16) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ඉංගිරිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල්වරයෙකි.
ඊයේ (15) පැමිණිලි විභාග සඳහා රයිගම්වත්ත ප්‍රදේශයට ගොස් සිටි කොස්තාපල්වරයා යතුරුපැදියෙන් පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී රයිගම් වත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු හප්පා පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
තුවාල ලද එම පුද්ගලයන් යතුරුපැදියේ අංකය සටහන් කරගෙන තිබූ අතර පසුව හොරණ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබිණි.
අදාළ අනතුර සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට තුවාල ලැබූවන්ගේ ඥාතීන් පැමිණිලි කර තිබූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරද්දක් කරලා ඒ බව දැන දැනම පලාගිය මේ පොලිස් නිලධාරියට එරෙහි විමර්ශන කටයුතුද වෛද්‍යවරියට එරෙහිව කරන විමර්ශනය පරිද්දෙන්ම සිදුවේවා.