(විජේරත්න රත්නායක)
ඇල්ල සංචාරක නගරය අසළින් ගලායන ඇළ මාර්ගයට මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් අවන්හල් හිමියන් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000ක බැගින් දඩයක් නියම කිරිමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය.
එම සංචාරක අවන්හල් සතු වැසිකිළි 10 ක් මුද්‍රා තැබීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රමුඛතම සංචාරක අවන්හල් දෙකක හිමිකරුවන්ට මෙසේ දඩ නියමවූ අතර ඊට අමතරව ඔවුන් විසින් වැසිකිළි වළවල්වල සිට ඇළ මාර්ගයන්ට මළ අපද්‍රව්‍ය බැහැර කිරීමට සූක්ෂම ලෙස යොදා තිබූ සියළු නල ඉවත් කර එම වළවල්වල සියළු මළ අපද්‍රව්‍ය ගලි බවුසර් මඟින් ඉවත් කර මළ අපද්‍රව්‍ය ප්‍රතිකාරක පද්ධතියක් මගින් එම අපද්‍රව්‍ය පිරිසිදු කර බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකසා ලබන සැප්තැම්බර් මස 14 වැනි දාට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇළ මාර්ගයට මළ අපද්‍රව්‍ය දැමු අවන්හල් හිමියන් දෙදෙනකුට දඩ