( ඩී.කේ.රත්න)
ඇල්ල නගරයේ විදේශීකයින් සඳහා හෙරොයින් අලෙවි කිරීමේ යෙදී සිටි පුද්ගලයකු හෙරොයින් මිලිග‍්‍රෑම් 300ක් සමඟ අද (3) ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇල්ල සපුමල්තැන්න ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා ඇල්ල නගරයේ හෙරොයින් අලෙවි කිරීමේ යෙදී සිටින බවට ඇල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd