(චන්ද්‍රසිරි ගුණසේකර)
දිනෙන් දින ප්‍රමාද වන ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ජන්ද විමසීමේ නඩු තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා අගවිනිසුරු වෙත යොමු කිරීම සඳහා ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද (30) ඇල්පිටිය නගරයේ දි සිදුකෙරිණි.
ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් කිහිපදෙනෙකු විසින් මෙය සංවිධානය කර තිබිණි. පළාත් පාලන ජන්ද විමසීම සඳහා නාමයෝජනා බාරදීමේ දී එක් කණ්ඩායමක ලැයිස්තුවක් ප්‍රතික්ෂේප වී තිබේ.
පසුව එම කණ්ඩායම විසින් තමන්ට අසධාරණයක් වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එම නඩුව තවමත් විභාග වන අතර මෙතෙක් එහි තීන්දුව ප්‍රකාශයට පත්කර නැත. මේ නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව කලක සිට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේය.
ඒ අනුව දැනට සිටින ලේකම්වරිය විසින් එම පාලනය කරගෙන ගියත් ජනතා ප්‍රශ්න විසදීම සඳහා ඇය අසමත් වී තිබේ.
එම නිසා ඉක්මණින් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර ජනතා අභිලාශයන් ඉටු කරදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇල්පිටිය ප්‍රා.සබේ ඡන්ද විමසීමේ නඩු තීන්දුව දෙන්නැයි අගවිනිසුරුට පෙත්සමක්