IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇඹිලිපිටි මහ දිසා රෝහලේ වැඩ නවතී


 
 
අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
 
කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කිරිම හේතුවෙන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අත්‍යවශ්‍ය හදිසි සේවා හැර සාමාන්‍ය සේවා සියල්ල අද (23) ඇණහිටි බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය නේපුල් ධර්මතිලක මහතා පවසයි.


කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 135 දෙනෙකුගේ හිඟයක් තිබිය දී සේවය කරන 219 දෙනාගෙන් එක් සේවිකාවක් ආයතන ප‍්‍රධානීයාගේ අනුමැතිය ද නොමැතිව ස්ථාන මාරු කිරීම අසනීප නිවාඩු වාර්තා කිරිමමෙම අසීප නිවාඩු වාර්තා කිරීමට හේතුව විය. ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මීට පෙර දින දෙකක් අසනීප නිවාඩු වාර්තා කළහ. 


කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන්ගේ ලෙඩ නිවාඩු වාර්තා කිරිම හේතුවෙන් දින කිහිපයක් තිස්සේ රෝහලේ බාහිර රෝගින්ගේ අංශයේ මෙන්ම සායනවල සේවා සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇත. 


ඇතැම් සායනවලට පැමිණෙන රෝගින්ගේ ඖෂධ සති දෙකකට, මාසයකට ආදි ලෙස නිකුත් කරන අතර සායනවල කටයුතු ඇණහිටීමෙන් ඖෂධ අවසන් වූ එම රෝගීහූ දැඩි අසීරුවට පත්ව සිටිති. 


රත්නපුර දිස්ත‍්‍රික්ක්යේ එක් කෙළවරක පිහිටි ඇඹිලිපිටිය දිසා මහ රෝහලෙන් දිනකට බාහිර රෝගීන්ගේ අංශයෙන් සහ සායනවලින් දෙදහසට වැඩි පිරිසක් ප‍්‍රතිකාර ලබති. මොණරාගල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ද රෝගීන් මෙම රෝහලෙන් ප‍්‍රතිකාර ලබති. 


කාන්තා සහ පිරිමි වාට්ටු දහතුනක්, දැඩි සත්කර ඒකකයක්, හදිසි ප‍්‍රතිකාර ඒකකයක්, වකුගඩු රෝගීන්ගේ රුධිර නිරෝධානය ඒකකයක්, නොමේරූ ළදරු ඒකකයක්, සීටී සිකෑන් ඒකකයක්, ඊසීජී සහ එක්රේ ඒකකයක් ද සායනවලට අමතරව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ස්ථාපිත කර ඇත. 


හදිසි සේවා සඳහා පමණක් සිවිල් ඇඳුමින් සැරසී පොත් අත්සන් නොකළ සේවකයින් තිදෙනෙක් සේවයේ යෙදන බව අසනීප නිවාඩු වාර්තාකළ සේවකයෝ කියති. රෝගින්ගේ ඥාතීන් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් ද වාට්ටුවලට රෝගින් කඳවාගෙන යන අයුරුද දැකගත හැකිවිය.
 



අදහස් (0)

ඇඹිලිපිටි මහ දිසා රෝහලේ වැඩ නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site