IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇඹිලිපිටි දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ගින්නක්

ජයන්ත නානායක්කාර
 
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අද (6) හදිසි ගින්නක් හටගත් බව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ වෛද්‍ය අධිකාරී නේපුල් ධර්මතිලක මහතා පැවසීය.


විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න විදුලි පද්ධතියේ හටගෙන ඇති අතර හදිසි අනතුරු ඒකකයේ ප්‍රධාන විදුලි සැපයුම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.


මෙම ගිනිගැනීමත් සමඟ හදිසි ප්‍රතිකාර ඒකකය තුළ දුමින් පිරී ගොස් ඇත. මෙම අවස්ථාවේ කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් හැරුණු විට රෝගීන් කීපදෙනකු සිටි බව වාර්තාවේ.


අනතුරින් වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය හෝ රෝගීන් කිසිවෙකුට කිසිදු අනතුරක් සිදුවී නොමැත.


සිද්ධිය වන අවස්ථාවේ වෛද්‍යවරු හෙද හෙදියන් හා කාර්ය මණ්ඩලය එක්ව මෙම ගිනීගැනීම පැතිර යෑම වළක්වා ගෙන ඇත.

එම අවස්ථා‍වේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් වෙනත් කටයුත්තක් සඳහා රෝහලට පැමිණ සිටි අතර එම භට පිරිස ගින්න මැඩපැවැත්වීම සඳහා පූර්ණ මැදිහත් වීමක් කළ බව රෝහල් කාර්ය මණ්ඩලය පැවසීය.


මේ හේතුවෙන් මේ වන විට ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමා තිබේ. 



අදහස් (0)

ඇඹිලිපිටි දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site