බලධාරීන් රට, ජාතිය, ආගම හමුවේ ඇති අන්තරාය සොයා නොබලා කතා කරන බොදුබල සේනා සංවිධානයට පහර දෙමින් සිටිතියි බව එම සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කිරුළපන බොදු බල සේනා මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක පැවසුහ.
සිංහල නායකයින් ඇන කොටා ගැනීම ජාතියේ විනාශයට මුල වන බව කී ඒ හිමි ඇන කොටා ගැනීම් නවත්වන්නැයි එම නායකයින්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළහ.
රටට එරෙහි ක්‍රියා ගැන කතා කරන්නන් වැරදිකරුවන් කැර අන්තවාදීන් පූස් පැටවුන් වී ඇතැයි ද උන් වහන්සේ කීහ.
පාළු ගෙයි වළං බිඳින්නාක් මෙන් නැති තැන පහර නොදී තමන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවකට පැමිණෙන්නැයි තම සංවිධානයට දොස් නගන්නන්ට අභියෝග කරන බව ද ඒ හිමියෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ කට්ටියගේ තිබුන මුස්ලිම් විරෝධය දැන් ඉවරද? (බ)
"ඇන කොටා ගැනීම් නවත්වනු" කියල දේශනා කරන්න ලංකාවේ ඉන්න හොදම දේශකයන් වහන්සේ.උන්වහන්සේ ක්‍රියාවෙන්ම මේ බව ඔප්පු කරලා තියනවනේ.(අ)
මට නම් උන්වහන්සේ ගැන ප්‍රසාදයක් නැහැ (නි)
ඇත්ත කියන මේ හාමුදුරුවන් ගේ නම ඇහෙන කොට කටු කන බල්ලෝ බුරාගෙන පනිනවා. (බ)