‘සමසමාජ නායක ඇන් ඇම් පෙරේරා අපට ලොකු රුකුලක් වුණා. අපේ දේශපාලනය ශක්තිමත් කළා.‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇන් ඇම් පෙරේරා 38 වැනි ගුණානුස්මරණයට එක් වෙමින් කීවේය.
‘70දි මා ළාබාල මන්ත්‍රී වශයෙන් ඔහු හා ඉතා කිට්ටු සම්බන්ධාවයක් ඇති කර ගත්තා. ඔහු යම් වැරැද්දක් දැක්කොත් එය අපට කියා දුන්නා. ඇන් එම් පෙරේරා අපේ හදවත්හි, ජනතාවගේ හදවත්හි සදා ඉන්නවා.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමසමාජය ගිය තැන... වේදිකාවේ මහින්ද, මුල් පේළියේ බැසිල්. 60-70 දශක වල පටන්ගත් පිරිහීමේ ප්‍රතිඵල තමයි මේ. (නි)
එන්. එම්. ඒකාධිපති ව්‍යවස්ථාව පතුරු ගැහුවා නේද? හැබැයි මහින්ද නම් ඒක ශක්තිමත් කළ බවයි අපි දැක්කේ. (නි)
මෙතුමා දැන් සමසමාජ පක්ෂයට ලැදියි වගෙයි කියලයි මට නම් පෙනෙන්නේ. (නි)
මට අර ගුත්තිල මූසිල කතාව මතක්වුණා (නි)
අනේ මන්දා මෙතුමා විටින්විට මොනවා කියනවද කියලා (නි)
ඇන්.ඇම්. පෙරේරා මැතිතුමාගේ ආර්ථික දැක්ම ඉතා පුළුල් එකක්. (නි)
ඒකාධිපති ව්‍යවස්ථාවේ ජේ.ආර්.වත් ඉක්මවාගිය මහින්ද කිසිසේත් මෙතනට ගැළපෙන්නේ නැහැ (නි)
පසුගිය රාජ්‍ය සමයේ සිදුවීම් බලන විට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා වැනි උතුම් පුද්ගලයෙකු, පාලකයන්ගේ හදවත් තුළ තබා හදවත් ළඟ පාතකවත් තිබුණේදැයි අපට නම් ගැටළුවකි. ගුරුවරයෙකුට ගරු කිරීම, සිහිකිරීම අප කළයුතු නමුත් ඔහුට අපහාසයක් නොකිරීමටද අප වගබලා ගතයුතුය. සරලව කියනවා නම් එතුමා පාලකයන්ගේ හදවත් තුළ පැවතියේ නම් වර්තමානයේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයක් බිහිවීමට ඉඩ නැත. තමන්ගේ බඩ වියත රැකගැනීමට විකිණිය හැකි දේ පමණක් සොයාගැනීම දේශපාලකයන්ගේ වගකීම බව කවදත් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාට ගරු කරන ජනතාව වෙනුවෙන් මෙහි සඳහන් කිරීම කළ යුතුව ඇත. (නි)