(දයාරත්න ඇඹෝගම)
හබරණ හිරිවඩුන්න වැව් ඉස්මත්තේ ඇතින්නියන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර කදිරේෂන් කෝවිල ඉදිරිපිටදි අද(06) ප්‍රදේශවාසීහු පිරිසක් දේව කන්නලව්වක් පැවැත්වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පිවිතුරු හෙළ උරුමයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක සම්පත් මානවඩු මහතා කියාසිටියේ ඇතින්නියන් ඝාතනය කිරීමට යම්කිසි කණ්ඩායමක් මැදිහත්වී ඇත්නම් ඔවුන්ට නිසි දඬුවම් දෙන ලෙසටත් වන අලි සම්පත ආරක්ෂා කර දෙන ලෙසත් ඉල්ලා දෙවියන් ඉදිරියේ කන්නලව්ව කළ බවය.
පැමිණ සිටි පිරිස දේව කන්නලව්වෙන් පසුව දෙවියන් ඉදිරියේ පොල් ගැසීමකද නිරතවූහ.
මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති ආර්.එම්.ජී.දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇතින්නියන් මියයාමේ සිද්ධියට සාධාරණය ඉල්ලා දේව කන්නලව්වක්