(රොමේෂ් මධුෂංඛ)
යාපනය කොකුවිල් ප්‍රදේශයේ ආවා කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයකුගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට පලා යමින් සිටි තරුණයින් දෙදෙනෙක් ගම්වාසීන් විසින් අල්ලා පහර දී යාපනය පොලීසියට බාර දෙනු ලැබීය.
කොකුවිල් ප්‍රදේශයේ පිහිටි මෝගන් අශෝක් කුමාර් නැමති ආවා කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයාගේ නිවසට මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට ඇත.
යාපනයේ කොණ්ඩාවිල්හි පදිංචි චන්ද්‍රකුමාර් අයින්කරන් හා කන්කසන්තුරෙයිහි පදිංචි සුරෙස් කුමාර් තෙලියන් යන අය පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන අතරම අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව යාපනය පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd