(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සිවිල් ආරක්ෂක නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයකු අද (25) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු අණ නොතකා එය ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ඇතුළත් කිරීම හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියා සමඟ ඇති වූ බහින්බස් වී ඇතැයි පොලිසිය කියයි.
එම නිලධාරියා මේ සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
සැකකරු අද (25) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd