විරුසර වරප්‍රසාද කාඩ්පත ලබා දී ඇති ආබාධිත හමුදා සාමාජිකයන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් සියයට පනහක් පමණක් ගෙවා දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව සලසා දීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ප්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී තිබේ.