IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආධාර එකතු කරන මුවාවෙන් මත්කුඩු අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(හේමලතා ඩී. හේවගේ)      

                                                        
ළමා නිවාසවලට හා විහාරස්ථාන වලට ආධාර එකතු කරන මුවාවෙන් හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු මත්කුඩු සමඟ කුලියාපිටිය කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් කඹුරාපොල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන ඇත. 


සැකකරු සමඟ සියලු නඩු භාණ්ඩ අද (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 


අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ළඟ තිබී ආධාර මුදල් එකතු කිරීම සඳහා යොදාගත් ව්‍යාජ ටිකට් පොත් රැසක්  මත් කුඩු මිලිග්‍රෑම් 620 ක් සොයාගත් බව පොලීසිය පවසයි.


 අත්අඩංගුවට ගත්  සැකකරු හෙට්ටිපොළ, කනතලව නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවත්, මීට පෙරත් මත්කුඩු ලඟ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අයෙකු බවද පොලීසිය කියයි.
                                                                                                                                                            කුලියාපිටිය කොට්ඨාසභාර පොලිස් අධිකාරි රෝෂාන් හේවාවිතාරණ සහ පොලිස් අධිකාරි ගාමිර්‍ණ මීගහකුඹුර යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෝමතිලක මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගි වූහ.



අදහස් (0)

ආධාර එකතු කරන මුවාවෙන් මත්කුඩු අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site