චමිල් රූපසිංහ
දඹාන ආදිවාසී පරපුරේ සිටි වයස්ගතම පුද්ගලයා වන ඌරුවරිගේ කිරිබංඩා (95) පසුගිය (02) දා රෝගාතුරව සිටියදි මියගොස් ඇත.
ආදි වාසි සිරිත් විරිත් අනුව හික් ගසේ පොත්තෙන් සකස් කරන ලද පෙට්ටියේ දේහය තැන්පත් කර ඇත.
දඹාන ලිදහංගල පාසල අසල පදිංචි ඌරුවරිගේ කිරිබංඩා විවාහකයෙකි. ඔහුගේ බිරිද ඌරු වරිගේ ලොකුමැනිකා 85 වැනි වියේ පසුවන අතර දරුවෝ 9ක් සිටිති.


අවසන් කටයුතු සඳුදා (5) දඹානේදී සිදුකෙරේ.
ඡායාරූප ආදි වාසි නායකතුමාගේ පුතෙකු වන මුතුබන්ඩා විසින් මා හට එවන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. ඌරුවරිගේ කිරිබංඩා (95) දිගු ආයු ගැන ආඩම්බර විය යුතුය. නිවන් සුව පතමු !
නිවන්සුව පතමි.!