රටේ වර්තමාන නායකයා ජනතාවට පොරොන්දු වූ හැටියට කටයුතු කරනවානම් වරදින තැන් නැති බවත් ඒ කටයුතු කිරිමට එතුමාට හැකියාව ඇති අතර ඉහළ සිට හදනවාට වඩා පහත තැන සිට ඉහළට හදා ගතහොත් ඉහළ තැනට නිසියාකාරව ගමන් කර හැකි බවත් ඉන් වරදින තැන් අඩු බවත් වැදි නායක උරුවරිගේ වන්නිලා ඇත්තන් මධ්‍යම පාළාත් ආණ්ඩුකාරවරිය හමුවේ පැවැසිය.
ආදි වාසින් විසින් ශ්‍රි දළදා සමිදුන් උදෙසා සම්ප්‍රදායිකව පවත්වනු ලබව මී පැණි පූජාව මෙවරත් සිදුකර මධ්‍යම පළාත් ආන්ඩුකාරවරිය හමුවූ අවස්ථාවේ ඔහු එසේ කීය.
වැදි පිරිස මී පැණි පූජාව පවත්වා තිබ්බටුවාවේ ශ්‍රි ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක , වරකාගොඩ ඥානරතන අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහානායක හිමිවරු සදහාද මී පැණි පුජා කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd