(කාංචන කුමාර ආරියදාස)
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අනුනායක පදවියට හිමි ශ්‍රී සන්නස් පත්‍රය ආචාර්ය දානියගම ආනන්ද මහ ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීමේ උත්සවය අද (06) රන්ගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේදී උතුරුමැද හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .
සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය ශ්‍යාමෝපාලි මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය ඉනාමළුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී ආනන්ද සුමංගලාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිවනක් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
පෙරහරකින් උත්සව භූමියට පැමිණි පිරිස ආගමික වතාවත් වලින් අනතුරුව ශ්‍රී සන්නස් පත්‍රය කියවා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අතින් පිළිගැන්වූ අතර විජිණි පත උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා අතින් පිළිගැන්විණි.
මේ අවස්ථාවට රන්ජිත් අලුවිහාරේ ,තිලංග සුමතිපාල ,ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ආචාර්ය දානියගම ආනන්ද හිමියන්ට සන්නස් පත්‍ර පිළිගන්වයි