ආගමික නිදහස ඉහළින් හා සතුටින් සෑම කෙනෙකුටම භුක්ති විඳීමේ අයිතිය  තහවුරු කිරීම හා නිදහස් සමාජයක දොරටු විවෘත කිරීම අපේ රටේ ප්‍රධාන අරමුණක් හා වැඩපිළිවෙල බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) අරලිය ගහ මන්දිරයේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් කියා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක වූ ජනාධිපතිවරයා අප සෑම කෙනෙක්ම බලාපොරොත්තු වන ජාතික සමගිය, ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් සෑම බැතිමතෙකුටම හා සෑම ජන කොට්ටසයකටම තිබෙන්නා වූ අයිතිය ආගමික නිදහස බව පැවසිය.

මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතාද සහභාගී විය.

DSC_7792 DSC_7920 DSC_7939