IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අවසරලත් තරුණයන්ට ඉතාලියෙන් අත්වැලක්

ඉතාලියට සංක්‍රමණය වී ඇතුළුවීමේ වරපත (පෙර්මෙස්සෝ දී සොජ්ජෝර්නෝ)ඇති වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ  තරුණියනට ද ඉතාලියේ උපත ලත්  වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ  තරුණියනට ද ස්වයං රැකියාවක් අරඹනු පිණිස ආපසු නොගෙවුවමනා ආයෝජන මුදලක් ( ඉයුරෝ 10000සිට - ඉයුරෝ 50000 දක්වා ) ලබාදීමට ඉතාලි රජයේ රැකියා සහ දේශපාලන සමාජසේවා අමාත්‍යාංශය විසින් සැලසුම්කර තිබේ.

තරුණියනට ප්‍රමුඛතාව ඇතිව  තරුණ විරැකියාවට පිළියම් පිණිස දෙන මෙම ස්වයං රැකියා නොගෙවුවමනා ආයෝජන මුදල් සහ ව්‍යවසාය  උපදෙස්  ශ්‍රී ලාංකික  තරුණ  තරුණියනට ද හිමිවෙයි.

ආයෝජන මුදල් ද ව්‍යවසාය උපදෙස් ද පසු විපරම් සහ අදාළ වැඩමුළු ද  රැකියා සහ දේශපාලන සමාජසේවා අමාත්‍යාංශය විසින් සිදුකැරේ .
මේ ස්වයං රැකියා නොගෙවුවමනා ආයෝජන මුදල් සහ ව්‍යවසාය  උපදෙස් පිළිබඳ පහදු රැස්වීමක් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙනුවෙන්  ඉතාලි රජයේ රැකියා සහ දේසපාලන සමාජසේවා අමාත්‍යාංශ නිලදරුවන්ගේ සහභාගිත්වයෙන් "ආක්ලි" ආයතනයත් "ශ්‍රී ලංකා ඉතාලි එකමුතුවත් " විසින් සවිදහන් කරඇති බව  ශ්‍රී ලංකා ඉතාලි එකමුතුව විසින් නිවේදනය කරයි . මේ දැනුම්වත් කිරීමේ ශ්‍රී ලංකික හමුව මැයි මස 2දා සඳුදා සවස 4.30ට  නපොලියේ රියෝනේ අල්තෝ ,වියා ත්‍රෝපෙයානෝ 32 හි  "ආක්ලි" කාර්යාලයේ පැවැත්වෙන බව සඳහන් කරයි .
 



අදහස් (0)

අවසරලත් තරුණයන්ට ඉතාලියෙන් අත්වැලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 595 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2293 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site