(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කුමලමුනෙයි ප්‍රදේශයේ දී පැවති උත්සව අවස්ථාවකදී ඊයේ (16) තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මුලතිව් පොලීසිය පවසයි.
නව අවුරුදු සාදයකදී දෙපාර්ශවයක් අතරතුර බහින්බස්වීම දුර දිග යාමෙන් තරුණයින් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර සාදය තිබූ ස්ථානයේ බඩු බාහිරාදියටද හානි සිදු වී ඇත.
කෙසේ වෙතත් තුවාල ලැබූ පස් දෙනාට බරපතල නොවන අතරම පහරදුන් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ අරඹා ඇති බවට මුලතිව් පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd