(නිහාල් ජයවීර)
පැලක සිටි ගොවියෙකු වන අලියෙකුගෙන් බේරා ගැනීමට එහි යමින් සිටි දෙදරු පියෙකු එම වල් අලියාගේ පහරදීමකින් අද (10 ) මියගොස් ඇති බව ගල්ගමුව පොලිසිය පැවසීය.
ගල්ගමුව , නාන්නේරිය , වෑවරණවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එම් .ඒ.බී. ගාමිණි ජයලත් නමැති හතළිස් තුන් හැවිරිදි දෙදරු පියා මෙසේ මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි .
මියගිය ගොවි මහතා ඇතුළු ගොවීන් පිරිසක් හේන් වගාව සිදුකොට ඒ වගාවන් වන සතුන්ගෙන් රැකගැනීම සඳහා රාත්‍රි කාලයේ පැල් රැකීමට යන බවත් ඊයේ (09) සවස ද එසේ පැල් රැකීමට ගොස් සිටියදී අසල්වැසි ගොවියෙකුගේ හේනකට අද (10)පාන්දර කඩාවැදුණු වල් අලියෙකු ඒ ගොවි මහතාගේ ගස උඩ පැල කඩා දැමීමට උත්සාහ කරද්දී ඔහු බේරාගැනීමට ගිය අනික් ගොවිමහතුන් අතරින් ගාමිණී ජයලත් මහතා අලියාගේ පහරදීමෙන් මියගොස් ඇත.
වල් අලියා හේනෙන් මද දුරක් ඈතට පලවා හරිමින් සිටියදී ආපසු ඔවුන් දෙසට හැරි ඇති අලියා ඔවුන් දෙසට පන්නා ගෙන විත් මෙම පහරදිම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද වෙනත් කිසිවකුටත් හානි සිදු වී නැතැයි ද ඒ මහතා කීවේය.
අලියාගේ පහර දීමෙන් බරපතල තුවාල ලැබූ මේ දෙදරු පියා නාන්නේරිය ප්‍රාථමික රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අලියකුගේ පහරදීමෙන් දෙදරු පියෙක් මරුට